‍ ‍‍ ‍
අධ්‍යාපන චාරිකාව-2026 (ජූනි මස 3 වන බදාදා)
ගමනට පෙර තුණුරුවන්ගේ ආරක්ෂාව ලබා ගැනීම පරිවේණාධිපති නාහිමියන්‍ගේ මූලිකත්වයෙන් සිසුන් හා ගුරුභවතුන්ගේ ඒකතුවෙන් පිරිවෙ‍න් විහාරයේ පාන්දර 1.30 ට ට පමණ සිදු කෙරිණ.
පළමු දින රත්‍රිය ත්‍රිකුණාමල හමුදා මූලස්ථානයක ගත කිරීමට සිදුව ඇති බැවින් අළුයම 2.00 ට පමණ පිටත්විය යුතු බැව් රියදුරු මහතා කළින් දන්වා තිබිණ.
page-5
මෙවර වාර්ෂික අධ්‍යාපන චාරිකාව යොදා ගත්තේ දෙවන වාරයේ ජූනි මස 3,4.5 යන තෙදිනටයි.චාරිකාව සඳහා සිසුන්ග‍ෙන් හොඳ ප්‍රතිචාර තිබුණා.ඊට ත්‍රිකුණාමළය හා යාපනය යන නගර ‍දෙ‍ෙකහි රාත්‍රියන් ගත කිරීමට බලාපොරොත්තු ‍වෙමිනි.සිසුන් ළහි ළහියේ පෙර සිටම ඊට සූදානම් වූයේය.
චාරිකාවේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හැසිරිය යුතු අන්දම හා ගෙන ආයුතු මෙන්ම ගෙන නොයා යුතු දෑ පිළිබඳව ඊට පෙර දින සිටම සිසුන්ව දැනුවත් කරනු ලැබුවා.

පිරිවෙනේ සිට පසු දිනට අවශ්‍ය ආහාර පිළියෙල කිරීම.

ඉන්පසු පාන්දර 7 වන තෙක් කිසිම හැලහොල්මණක් නැතුව බසය තුළම සියල්ලෝම නිදි බර විය. රියදුරු සංගීතය මැද රිය ධාවනය කරවිය.අධිවේගී මං ඔස්සේ කුරුණෑගල -අනුරාධපුර පාර ඉදිරියට ගිය පසු උදෑසන 8.00 ට පමණ ඒක්තරා පන්සලක් අසල බසය නතර විය. ඒය ඒප්පාවල නගරයේ පිහිටි න්‍යග්‍රෝධාරාමය නම් දහම් පාසල හා මොන්ටිසෝරියක් විය.
ඒ දින උදේ ආහාරය ඒහිදී ලබා ගත්තෙමු.
පසුව විශාල දුරක් ගෙවා ත්‍රිකුණාමළයට ළඟා වන විට පස්වරු 1.00 පමණ විය.

ත්‍රිකුණාමළ යුධ හමුදා



කඳවුරේ ඇති ආයුධ පිළිබඳ විස්තර කිරීමට නිළධාරි‍න් දෙදෙනෙකු ලබා දී තිබුණා.
ඔවුන් විශාල ආයුධ ප්‍රමාණයක් ගැන විස්තර කථනය කළා.
කඳවුර නැරඹීම ඊ ළඟ අපේ සැළස්මවිය.
ඉන් පසුව අපට විශාල ගමන් කාලයක් යොදවන්නට සිදුවුනේ ඒදා රෑට නවාතැන් ගන්නා නවාතැන්පළ සොයා ගැනීමටයි. ඒ සඳහා යායුතුව තිබුණේ අලිමංකඩ හරහා. ඒම ගමන් මගේ පහන් කණු කිසිවක් තිබුණේ නැහැ. ඒහි ළඟා වන විට රාත්‍රී 11.10 පමණ විය.
එය මුදල් ගෙවා ලබා ගත යුතු නවාතැන් පළක්.
‍ම‍ෙහි ගැට කිඹුල්ලු සිටින බැවින් සියලු ශිෂ්‍යයින්ට ඒ බව දැනුම් දී ගඟ ආසන්නයට නොයා යුතු බව ද දැනුම් දුන්හ. තවද ම‍ෙහි තල් ගස් බහුලව ඇති හෙයින් තල් ගෙඩි හිස මතට වැටීම නිසා විශාල අමුත්තන් පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවූ බවද එහි නිළධාරීන් පැවසූහ.


උදේ හා දහවල් ආහාරය පිළියෙල කිරීම
ජූනි මස 4 වන බ්‍රහස්පතින්දා
වේලාව උදේ 10 ට පමණ අලිමංකඩින් පිටවුනා.දැන් බලාපොරොත්තුව යාපනය බලා යාමටයි. ඒය දීර්ඝ ගමනක් ,විශෙෂයෙන් අපේ රියදුරු මහතාට.

හසලක ගාමිණී වීරයාගේ ස්මාරකය.

විඩා නිවා ගනිමින් දහවල් 1.00 ට ගිලන්පස වැළඳීම

යාපනය අර්ධද් ද්වීපයේ ඒක් පැත්තක්

යාපනය අර්ධද් ද්වීපයේ තවත් ඉදිරියට යනවිට ඒය පෙනෙන ආකාරය

නාගදීපය වැඳීමට බෝට්ටු තොටු පළට පැමිණ.......

ගමනට පිටත්වෙමින්

නාගදීප විහාර අභිමුව

ආගමික වතාවත්වල යෙදෙමින්

ඉතිහාස ගුරුතුමන්ගෙන් පුරාවෘත්ත දේශනය


බෝට්ටුවට නැග ‍ත‍ොටුපළ කරා
ආපසු ඒන ගමන(උඩු මහළ)

පහත මාලය

ඒ දින දිවා ආහාරය සවස 4 ට යාපනයේදිම ලබා ගත්තෙමු

විශාලත්වය අතින් 2 වන ස්ථානය හිමිවන යාපනය කොටුවේ පිවිසුම අභියස

‍කොටුව තුළ පිහිටි පැරණි ළිඳක්

රාත්‍රී නවාතැන්පළ කරා...

එ දින රත්‍රී නවාතැන යාපනය නගරයේ සිට කි.මී.6ක් ඈතින්

ආහාර පිළි‍ය‍ෙල කරන ආකාරය

දානපතියෙකු විසින් සාදා දුන් ජල පිරිසිඳු උපකරණය.ඒ් තුළ වැඩ සිටින්නේ පංසලේ නායක හිමියන්ය.
ජූනි මස 5 වන සිකුරාදා

උදේ 9.30 වෙනකොට යාපනය පුස්තකාලයට ආවා.

‍පුස්තකාලයේ මහත්වරුන් දේශනය වීඩියෝගත කරනවාට කැමතිවුනේ නැහැ.

චතුරංග සර් ප්‍රධාන ‌‌‌‌‌ෆ‍ොටෝ එකෙන් හැළිලා(සාධාරණයක් කළා)

ධවල මන්දිරයක් සේ දිස්වන මෙම ගොඩනැගිල්ල දකුණු ආසියාවේ විශාළතම පුස්තකාලයයි. යාපනයට ඒය ආභරණයක් වන්නේමය.
ඊ ළඟට හැල්මේ දිව ගිය‍ෙ ‍යාපනයේ ‍පේදුරු තුඩුව ‍වෙතටයි.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට පැමිණි අපේ විමළ ගුරුහිමි
දහවල් 1 ට පමණ චාරිකාව නිමාවිය.ආපසු දකුණු පළාතට නැවත පැමිණීම අප‍ේක්ෂාව විය. කෙසේ නමුත් එදින රාත්‍රී 11.30 ට පමණ ගාල්ලට ළඟා විය. රියදුරු මහතා මෙන්ම බසයේ සිටි සියල්ලන්ම වෙහෙසට පත්ව සිටිය.
කෘත්‍යාධිකාරී ස්වාමින්වහන්සේ ,පරිව‍ෙණාධිපති හිමි සහ ගුරුමණ්ඩලය හා සිසුන් එක්ව කළ මෙ‍හ‍ෙයුමේ ප්‍රතිඵල සතුටින් එක්ව නිමා කරන ලදි.
ස්තුතියි !
විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
යාපනයේ කළ සංචාරය සදා අනුස්මරණියයි.......