5 වසර සිසු හමුව-2019page- 4

මෙවර මූලික පිරිවෙන් අවසාන විභාගයට ඉදිරිපත්වන සිසුන්ගේ , එම විභාගය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව යොදාගෙන තිබුණි.

මේ සඳහා තෝරාගත් මධ්‍යස්ථානය වූයේ අප පිරිවෙන වීම අපට සුවිශේෂී වන්නක් විය.

මිට පෙර අවුරුද්දේ ද මේ ආකාරයෙන් ජාතික ඵලදායිතා සම්මාන උත්සවය පවත්වා තිබීම හේතුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට විශේෂ මහන්සියක් අවශ්‍ය නොවීය.

දේශන සඳහා අවශ්‍ය පහසුකම් ,ආහාර පාන හා වැසිකිළි කැසිකිළි පහසුකම් ආදිය ප්‍රමුඛතාවය දිය යුතුව තිබිණ.ඒ සදහා ආචාර්ය මණඩලය මෙන්ම කෘත්‍යාධිකාරී ස්වාමින්වහන්සේ ද පෙර සිටම සාකච්ඡා කර අවශ්‍ය කළමනා රැස්කරගෙන සූදානම්ව සිටින බව පෙනෙන්නට තිබුණි.

සභාව පිළිගෙන , න්‍යාය පත්‍රය කියවමින් - බුද්ධසිරි ගුරුහිමියන්

පැමිණි සිසු පිරිස

දේශන පැවත්වූවෝ

ප.ස.අ.අ.-තණබද්දේගම

සෝභිත හිමි

දිස්ත්‍රික් සම්බන්ධීකරණ-

කොස්ගොඩ විමළවංශතිස්ස හිමි

දිස්ත්‍රික් සම්බන්ධීකරණ - දෙල්ලව ධම්මරතන හිමිසිංහල විෂය ගුරු උපදේශක - තුඹේ උපනන්ද හිමි ත්‍රිපිටක ධර්මය ගුරු උපදේශක - හල්විටිගල සුධම්ම හිමිපිළිගැනීමේ කථාව-පරිවේණාධිපති නාහිමිසංස්කෘත විෂය ගුරු උපදේශක -චන්දන මයා

ගණිත විෂය ගුරු උපදේශක- ටී.ඩී.සුනිල් ශාන්ත මයා

ඉංග්‍රීසි විෂය ගුරු උපදේශක මයාපාලි විෂය ගුරු උපදේශක -ආර්.ඩබ්.එස්.කේ.

විජේබණ්ඩාර මයා

ඉතිහාසය විෂය දේශනය- සංජික මල්ලවආරච්චි මයාසමාජ විද්‍යාව දේශනයසංස්කෘත විෂය දේශනය-ලලිත් ගුරුතුමාවැඩ සටහන ඇගයීම -ශිෂ්‍ය කතිකාව
එදින පාන්දරම ප.ස.අ.අ.අධ්‍යක්ෂක , සම්බන්ධීකරණ හිමිවරුන් හා පරීක්ෂක හිමිවරුන් මෙන්ම එම මහත්වරුන් ද අප පිරිවෙනට පැමිණ සිටිනු දක්නා ලදි.

පිළිගැනුම අප පිරිවෙනේ බුද්ධසිරි ගුරුහිමියන් විසින් කරනු ලැබූ අතර අනතුරුව පැමිණි සිටි පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා ආගමික වතාවත් ඉටුකොට , ධජ එසවීම සිදුකරන ලදි. ජාතික ගීයට ආචාර දක්වා ,පසුව පිරිවෙන් ගීතයට ආචාර කරන ලදි.

එය අපේම තේමාවකට රූප මාධ්‍ය යොදවා සකස් කර ගත්තකි.එම වීඩියෝව නැරඹීමට

අනතුරුව පැමිණි සිටි පිරිස පිළිගන්නා ලද්දේ පරිවේණාධිපති මෑලෑගොඩ කළ්‍යාණසිරි නාහිමියන් විසිනි.

ජාතික,බෞද්ධ හා පිරිවෙන් කොඩි එසවීම

ගිහි සිසුන් පංචශීලයේ පිහිටුවීම

ආගමික වතාවත් ඉටුකිරීම

පරිවේණාධිපති නාහිමිගේ පිළිගැනුම

ඉන් අනතුරුව ප.ස.අ.අ. හිමියන් විසින් මෙම හමුවේ අරමුණ පැහැදිලි කරන ලදි.

පසුව එක් එක් විෂය උපදේශක හිමිවරුන් හා මහත්වරුන් විසින් ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් ඉදිරි දැක්ම පැහැදිලි කරදෙන ලදි.

ඉන් පසුව එළඹුනේ දහවල් දානය සඳහා කාල වේලාව බැවින් ඒ සඳහා වෙන් කරන ලදි. ඒ අතරතුර බැද්දේගම චිත්‍රපටය පෙන්වන ලදි.

දිවා විවේකයෙන් පසුව ඇරඹුනේ ගණිත විෂය භාර උපදේශකතුමාගේ පැහැදිලි කිරීමේ දේශනයයි.

ප.සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක හිමියන්ගේ දේශනය

සිංහල විෂය ගුරුහිමියන් සිය දේශනය පවත්වමින්

ඉංග්‍රීසි විෂය ගුරු උපදේශකතුමාගේ දේශනය

ඊළඟට සංස්කෘත විෂය භාර ආචාර්ය චන්දන මහතාගේ දේශනය ආරම්භ විය. ඔහුගේ දේශනයෙන් අනතුරුව අප පිරිවෙනේ ලලිත් ගුරුතුමා ,සංස්කෘත විෂය ප්‍රශ්න පත්‍රය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන ලදි.ඉන් පසුව ත්‍රිපිටක ධර්ම විෂය ගුරු උපදේශක හිමියන්ද , ඉතිහාසය හා සමාජ විද්‍යාව යන විෂයයන් සඳහා ආරාධිත දේශක ගුරුවරු විසින් ද පවත් වන්නට යෙදුනි.

අවසානයේදී වැඩසටහන අගයමින් ශිෂ්‍ය හිමිනමක් කතා කළ අතර ඉන් අනතුරුව දෙවියන්ට පින්දෙමින් වැඩ සටහන නිමා කරන ලදි. සැමට තුති!

ගණිත විෂය භාර ගුරු උපදේශකතුමාගේ දේශනය

සංස්කෘත විෂය ගුරු උපදේශකතුමාගේ දේශනය

සංස්කෘත විෂය පිළිබඳ දේශනය ලලිත් ගුරුතුමා

ත්‍රිපිටක ධර්මය පිළිබඳ ගුරු උපදේශක හිමියන්ගේ දෙසුම

පාලි විෂය භාර ගුරු උපදේශකතුමාගේ දේශනය

ඉතිහාසය විෂය ආරාධිත දේශනය

සමාජ විද්‍යා විෂය පිළිබඳ දේශනය

පූජ්‍ය කොස්ගොඩ විමළවංශතිස්ස -සම්බන්ධීකරණ හිමියන්ගේ දෙසුම

පූජ්‍ය දෙල්ලව ධම්මරතන -සම්බන්ධීකරණ හිමියන්ගේ දෙසුම

උත්සව සභාවේ නිමාව