> ‍‍‍
මාර්තු මස 10 වන සඳුදා
ගමනට පෙර තුණුරුවන්ගේ ආරක්ෂාව ලබා ගැනීම පරිවේණාධිපති නාහිමියන්‍ගේ මූලිකත්වයෙන් සිසුන් හා ගුරුභවතුන්ගේ ඒකතුවෙන් පිරිවෙ‍න් බෝ මළුවේ දී පාන්දර 4 ට පමණ සිදු කෙරිණ.
Page-4
මෙවර වාර්ෂික අධ්‍යාපන චාරිකාව යොදා ගත්තේ පළමුවාරයේ මාර්තු මස 10,11,12 යන තෙදිනටයි.ඊට සිසුන්ග‍ෙන් හොඳ ප්‍රතිචාර තිබුණා.ඊට ශ්‍රී පාද වන්දනාවද ඇතුළත් කර තිබුනා.සිසුන් ළහි ළහියේ පෙර සිටම ඊට සූදානම් වූයේය.
චාරිකාවේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හැසිරිය යුතු අන්දම හා ගෙන ආයුතු මෙන්ම ගෙන නොයා යුතු දෑ පිළිබඳව ඊට පෙර දින සිටම සිසුන්ව දැනුවත් කරනු ලැබුවා.
ගුරු හිමිවරුන්ගේ පා නැමදීම.
පාන්දර 5 ට පමණ ගමන පිටත් වෙමින්.
(‍ම‍ෙහෙම තමයි පාන්දර 2.00 ඉඳලා කෑම පිසුවාම.)
ගාලලේ සිට මත්තල අධිවේ‍ගය හරහා යන අපට උදේ පරාතරාසය ගන්න සිදුවුනේ වැල්ලවාය පිරිවෙනකින්.
අපරාදෙ කියන්න බැහැ ඒ් පිරිවෙනේ අවශ්‍ය පහසුකම් තිබුනා
වැසිකිළි පහසුකම් මෙන්ම අවශ්‍ය ඉඩ පහසුකම් ඇති‍‍ව‍ෙන්න තිබුනා

පිරිවෙන් ආරම්භය සඳහා බුද්ධ වන්දනාවේ යෙදෙන එම පිරිවෙනේ සිසුන්

ඊ ළඟ සූදානම 9 ආර්ච් බැලීමටයි

දැන් අපි ඉන්නේ දෙමෝදර පාළම දුම්රිය පොළේ

දෙමෝදර දුම්රිය පොළට දුම්රියක් පැමිණෙන අයුරු

එම දුම්රිය නැවතත් ජටාවක හැඩයෙන් යුත් ගමන් මාර්ගයකින් විත් ,ඊළඟ දුම්රිය ස්ථානයට යන අයුරු

ඊ ළඟ වෑයම තද මීදුම අතරින් ඒඩිසන් බංගලාව නැරඹීමටයි.

ඉන් පසුව හැරුනේ නුවරඑළියෙ රාත්‍රී නවාතැනට ඒමටයි.
මාර්තු මස 11 වන අඟහරුවාදා

කලින් දින රාත්‍රිය ගතකල නිවස අවට දර්ශනය ,පසුදා උදෑසන දිස්වන ආකාරය.

පාන්දර සිට සියල්ලන්ග‍ෙම සූදානම,උදෑසන හා දහවල් දානය පිළියෙල කරගැනීමයි.

අද දවසේ අංක ඒකට යන්නේ වික්ටෝරියා පාර්ක් ඒකට.


දෙවැනි ගමන අඹේවෙල කිරි නිෂ්පාදනාගාරයට,

කිරි පැකට් කරන අංශය ව‍ෙත යන හිමිවරු

දිවා දානය ගැන නොසිතාම ආවා ගෙගරි පාර්ක් ඒකට බෝට්ටු පදින්න.විටෙක අව්ව පායලා,තවත් විටෙක අහස අඳුරු කරලා හිම පතනයක් වගේ පොද වැටෙනවා.
සමහර අයගෙ ඇඟ‍ෙ කූඩැල්ලො,වේලිච්ච දුම්‍ කොළ නැටි තිබිලත් හම්බවුනාලු.

මෙන්න වතුරේ ස්කූටර් පැදිල්ල.
කොහොමින් කෝම හරි සියල්ලන්ම බසයට නංවාගෙන දිවා ආහාරය ගන්න තැනට යනවිට සවස 4 විතර ඇති.
එතන ඉඳලා හැටන් එන‍ෙකොට පොඩි අකරතැබ්බයක් වුනා. අපේ බසයෙ එන්ජිම නතර වුනා.ඒක හදා ගන්න පැය 3ක් විතර ගතවුනා.
නවාතැන් ගන්න පන්සලට එනකොට රාත්‍රී 9 විතර වුනා. ශ්‍රී පාදය වන්දනා කරනකොට වේලාව රත්‍රී 11.15 විතර වුනා.

පොඩි පොඩි දර්ශන තලවලටත් පෙනී හිටියා.

මේ ශ්‍රී පාද වන්දනාවට පෙර නවාතැන් ගත් පන්සලේ රාත්‍රී දර්ශන.
මාර්තු මස 12 වන බදාදා
නවාතැන් ගත් පන්ස‍ලේ ඉඳලා නල්ලතන්නියට ඇවිල්ලා ශ්‍රී පාදය තරණය කරනවිට හුඟක් රෑ බෝවී තිබුණා.
මඳ වැසි වැ‍ටෙමින් තිබුණා. ඒත් ඒක අපේ ගමනට බාධාවක් වුනේ නම් නැහැ.කවුරුත් වගේ කුඩ ගෙනැවිත් තිබුණා.පොඩි හිමිවරු හා තරුණ ගුරුවරු ඉතා වේගයෙන් ශ්‍රී පාදය නගින්නට වුනා.
අපේ නඩේ 99% ශ්‍රී පාදය කරුණා කළාට රාත්‍රී රූප රාමු ලබා ගන්න අමාරු වුනා.
එළිවේගෙන ඒන කොට යන්තම් කණ්ඩායමක් හදා ගත්තා .
මේ අතර අපි නවාතැන් ගත්ත පන්සලේ අපේ නඩේ කට්ටියක් ශ්‍රීපාද වන්දනාවේ ගිහින් ඒන අයට උදේ හා දිවා දානයන් සකස් කරමින් හිටියා.

කොහොම හරි ශ්‍රීපාදය කරුණා කරලා නවාතැන් ගත් පන්සලට එනකොට දහවල් 12 පමණ වුනා. ආපු පිරිස නාලා දිවා දානය අරගෙන පැයක් පමණ නිදා ගත්තා.
ඒත් 4 ‍දෙනෙක් උඩ මළුවට ගිහින් බහින කොට පරක්කු වුනා. ඒතන ගුරුවරු 3න් දෙනයි, ඒක් සිසු හිමි නමයි, එනකොට සවස 2.30 වෙලා.
සවස 3 පමණ වනවිට කට්ටියම නවාතැන් ගත් පන්සලෙන් පිටත් වුනා.
ඊට පස්සෙ සවස 5 ට විතර කොටගල ගඟට බැහැලා නාන්න හම්බවුනා පොඩි හාමුදුරුවන්ට.ඒ්ක ට හරිම සතුටුයි.
කොහොමින් කොහොම හරි එම චාරිකාවත් කිසිම අපල උපද්‍රවයකින් තොරව නිමා කරගෙන නැවතත් තම තමන්ගේ ගම්බිම් බලා ‍සේන්දු වන්නට ලැබීම අප ලැබූ ජයග්‍රහනයක්.
මේ සඳහා මෙවර සහභාගී නොවී පිටුපසින් ඉඳ යෝධ සෙවනැල්ලක් මෙන් අපව දිරිමත් කළ ගරුතර කෘත්‍යාධිකාරී සෝරත නාහිමියන්ට අනේක වාරයක් අපගේ ස්තුතිය.
පරිවේණාධිපති කල්යානසිරි නාහිමි ඇතුලු, අපගේ ගුරු මණ්ඩලය එකාවන්ව එක්වී ,අප්‍රතිහත ධෛර්යය මැද කණ්ඩායමක් ‍ලෙස ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය සිසු හිමිවරුන්ට ද ලැබිණ. ඒයයි අප ලැබූ ජයග්‍රහනය.