![]() | 2026 - ප්‍රථම වාරය | page-2 | |||||||||||
| මෙවර 2026 අධ්‍යයන වසර ආරම්භ වූයේ ජනවාරි මස 05 වන සඳුදායින් ය. 2025 අධ්‍යයන වර්ෂය දෙසැම්බර් මස 22 වන දායින් නිමාකරන ලදි. අලුත් වර්ෂයේ ද ආගමික වතාවත් වලින් අනතුරුව රැස්වීමක් ද සහකාර පරිවේණාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන්නට යෙදුනි. | ඉන් පසුව නව අධ්‍යන වසර සඳහා ගුරුවරුන්ට බුලත් හුරුල්ලක් දී දෙපා නැමද දිනයේ ඉතිරි කාර්යයන් සඳහා විසිර ගියහ. | ![]() | |||||||||||
![]() | ගුරුවරුන් ද ඒ් ආකාරයටම සිය පරිවේණාධිපති නාහිමියන්ට බුලත් හුරුල්ලක් පිරිනමා පානැමද ආශිර්වාද ලබා ගත්හ.![]() | ![]() | ![]() | අනතුරුව පස්වරු 1.45 ට පමණ ගුරු ශ්‍රවණාගාරයේදී නව වසර සඳහා ප්‍රථම ගුරු රැස්වීම පවත්වා නව නිළධාරී මඬුල්ල තෝරා පත්කර ගන්නා ලදි. එහිදී නව ලේකම් වරයා ලෙස කේ.ඒ.ඩී. චතුරංග ගුරුතුමාව, ජී.ලලිත් මංජුල ගුරුතුමාගේ යෝජනාවට , ටී.එන්. ද සිල්වා ජයවික්‍රම ගුරුතුමාගේ ස්ථිරත්වයෙන් පත්කර ගන්නා ලදි.දැනට භාණ්ඩාගාරික ධූරය හොබවන තපෝවනයේ විමළ හිමියන් නැවතත් සිය ධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලදි. | |||||||||
සභාපති හිමියන්ගේ දෙසුම | ලේකම් හිමි පසුගිය වාර්තාව ඉදිරිපත් කරමින් | භාණ්ඩාගාරික හිමියන් පසුගිය අය-වැය වාර්තාව ගෙන ඒමින් | ජී .ලලිත් මංජුල කුමාර ගුරුතුමන් විශේෂ කතාවක් කරමින්. | ||||||||||
| මෙහිදී ජී.ලලිත් මංජුල ගුරුතුමා විශේෂ කතාවක් කරමින් පැවසූවේ, මෙම වර්ෂයේදී විශ්‍රාම යාමට නියමිතව ඇති මැලෑගොඩ කල්ය්‍යානසිරි නාහිමියන් හා ගණිත ගුරු ටී.එන්. ද සිල්වා ජයවික්‍රම ගුරු භවතුන් අපට ඉතා සමීපව සිටි අයවලුන් බැවින් වෙන්ව යාම ඉතා කණගාටුදායක වන බවත්, ඉදිරියේදී පැමිණෙන්නවුන් කෙසේ වේදැයි සිතා ගත නොහැකි වන බවත්ය. | ![]() නව වසරට පොත් බෙදා දීම. | සහකාර පරිවේණාධිපති හිමියන්ගේ දේශනය | |||||||||||