ජාතික ඵලදායිතා සම්මාන - 2018page-2

ජාතික ඵලදායිතා සම්මාන 2018 ගාළු දිස්ත්‍රික් සමුළුවේ දැනුවත් කිරීමේ රැස්වීම මෙවර පැවත් වුනේ අප පිරිවෙනේදීය. ඒ මාර්තු මස 14 වන බදාදා පස්වරු 1 කණිසමටය. ඒ සඳහා ගාළු දිස්ත්‍රික්කයේ පිරිවෙන් නියෝජනය කරමින් නියොජිතයින් 70 කට ආසන්න පිරිසක් සහභාගි වූහ. දේශක මහත්ම , මහත්මීන් කිහිප දෙනෙක් , රාජ්‍ය සේවයේ ඵලදායිතාවය නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන හරවත් , වටිනා දේශන පැවත් වූහ.

තරඟයට සුදුසුකම් සපුරා ඇති පිරිවෙන් ඒ සඳහා 2018 මාර්තු 28 දිනට පෙර දී ඇති සඟරාවේ සඳහන් කූපනය පුරවා එවන මෙන් සංවිධායක මඬුල්ල ඉල්ලා සිටියා.