මධ්‍ය වාර පරික්ෂණය - 2025
2025 වර්ෂයේ මධ්‍ය වාර පරික්ෂණය මෙවර ජූලි මස 24 වන බ්‍රහස්පතින්දායින් ආරම්භ වී අගෝස්තු මස 05 වන දායින් නිම කිරීමට සැළසුම් කර ඇත,
පෙර සිට ඉලක්ක ප්‍රශ්න මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සිසුන්ට ලබා දී,ඒවාට අදාල පිළිතුරු සිසුන් ලවා ලියවීම සිදු කරන ලදි.
පසුව එම පිළිතුරු වල අඩුපාඩු ගුරුවරුන් විසින් සකස් කරන ලදි.

පරිවේණාධිපති හිමිගේ නිති අධීක්ෂණයෙන්.

නි.අ.අ.හිමි , සෞඛ්‍ය ගුරු හිමි හා සංස්කෘත ගුරු උපදේශකතුමන් විභාග නිරීක්ෂණයට පැමිණි අවස්ථාව

ප්‍රගති වාර්තා බෙදා දීම - 2025
ශිෂ්‍යයින් මහත් ආශාවෙන් බලා සිටි ප්‍රගති වාර්තා බෙදා දෙන දිනය උදා විය. 07 වන බ්‍රහස්පතින්දා දින සන්ධ්‍යා භාගයේ පරිවේණාධිපති නාහිමිගේ සහභාගිත්වයෙන් සරල හා චාම්ව පිරිවෙන් ශාලාවේදී එය සිදු කෙරිණි.

පංති බාර ගුරුවරුන්ට සිසුහිමිවරුන් විසින් ආචාර සමාචාර හා වන්දනාමාන කරමින් ප්‍රගති වාර්තා ලබා ගන්නා ලදි.

ලලිත් ගුරුතුමා විසින් සභාව මෙහෙයවන අවස්ථාව

පසුව ප්‍රගති වාර්තා බෙදා දීම ඇරඹිණි.
කෙටි අනුශාසනාවකින් පසුව ,ගාථා සජ්ඣායනයෙන් අනතුරුව උත්සව සභාව නිමා විය.